Tuesday, April 15, 2025

General line - 0115112241

උත්සව සමයේ ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරයාමේ අවදානමක්



ඉන්ෆ්ලුවෙන්සා රෝගය මේ දිනවල ළමුන් අතර ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. 

උණ, සෙම්ප්‍රතික්ෂාව, කැස්ස හා වමනය වැනි රෝග ලක්ෂණ සහිත ළමුන් පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ.


උත්සව සමය තුළදී ළමුන්ට පිරිසිදු ආහාර සහ ජලය ලබාදී ඇතිවන රෝගී තත්ත්වයන් පාලනය කර ගත හැකි බවයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ.