නොනගත කාලය නිමිත්තෙන් ඊයේ පස්වරු 06.30 වසා තැබූ කතරගම මහ දේවාලය පස්වරු 02.00ට යලි විවෘත කිරීමට නියමිතයි.
දේවාලය විවෘත කළ පසු බැතිමතුන්ට පූජාවන් තැබිය හැකි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ අතර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන බක්මහ පෙරහැර මංගල්‍යය අද රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසුවේ රාත්‍රී 08.00ට පමණ වත බැඳ, සෙත්පිරිත් සඡ්ජායනා මධ්‍යයේ ආරම්භ වීමට නියමිත බවයි.
එලෙස ආරම්භ වන පෙරහැර මහ දේවාලය, අෂ්ඨපල බෝධිය වටා ප්‍රදක්ෂිනා කොට ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව යාමට නියමිතයි.
එලෙස පිටත්වන පෙරහැර ප්‍රධාන වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කොට පෞරාණික පුද සිරිත් ඉටු කිරීමෙන් අනතුරුව නැවත එම වීදිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය ඉදිරිපිටින් මහ දේවාලය වෙත ගෙවදිනු ලබනවා. ඉන් අනතුරුව පසු පෙරහැර මංගල්‍යය නිමාවට පත්වන බවයි කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා වැඩිදුරටත් පැවසුවේ.