මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
පසුගිය මාර්තු 03 වනදා සිට අද උදෑසන 06.00 දක්වා කාලය තුළ එම පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර අපේක්ෂකයින් 15 දෙනෙකු ද වනවා.
එම කාලය තුළ ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 159ක්.
පැමිණිලිවලට අදාළව වාහන 12ක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.