අමෙරිකාව අත්හිට වූ තීරු බද්ද ශ්‍රී ලංකාවට යළි පැනවුවහොත් මෙරට ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියාවල නිරත ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයකට බලපෑම් එල්ලවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මාහාචාර්ය සුරංග සිල්වා මහතා පවසනවා.
එලෙස එම පිරිසගේ රැකියා අහිමි වුවහොත් සමාජ සංවර්ධනයට ද බලපෑම් එල්ලවන බවයි නෙත් නිවුස් යූටියුබ් නාලිකාවේ විකාශය වූ සිව්වෙනිමානය වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ තීරුබදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවීමට ඔහු කටයුතු කළා.