Wednesday, April 16, 2025

General line - 0115112241

සිංගප්පූරුවේ මහ මැතිවරණය මැයි 03 වනදා



සිංගප්පූරුවේ මහ මැතිවරණය මැයි 03 වනදා පැවැත්වීමට තීරණය කර  තිබෙනවා. 

ඒ අනුව හිටපු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ඒ අනුව ඡන්ද විමසීම මැයි 03 වනදා පැවැත්වීමට එරට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

මෙය සිංගප්පුරුවේ නව අගමැති ලෝරන්ස් වොන්ග් බලයට පත්වීමෙන් පසු එරට පළමු මැතිවරණයයි. 

දින නවයක් පමණක් පවතින මෙම මැතිවරණ ව්‍යාපාරය, ජීවන වියදම ඉහළ යාම, නිවාස අවශ්‍යතා, රැකියා සහ සෞඛ්‍ය සේවා පිළිබඳ සලකා බලනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ආසන 97ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

මැතිවරණය සඳහා ජන්ද දායකයන් මිලියන 2යි දශම 75ක් සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් මැතිවරණයට තරඟ කිරීම සඳහා අපේක්ෂකයින් සිංගප්පූරු ඩොලර් 13,500ක් තැන්පත් කළ යුතු අතර එය නැවත ලබා ගැනීම සඳහා මුළු ඡන්දවලින් අටෙන් එකකට වඩා දිනා ගත යුතු වනවා.