Wednesday, April 16, 2025

General line - 0115112241

හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවරදී



උදා වූ සිංහල - දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නිල රාජ්‍ය උත්සවය මෙවර පැවැත්වෙන්නේ මහනුවර, ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදීයි. 

ඒ, දේශීය පුරාණ චාරිත්‍ර, වාරිත්‍ර නව පරපුරට පවරාදීමේ මූලික අරමුණ ඇතිව, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත් වීමෙන්. 

මේ අතර දිවයිනම ආවරණය වන පරිදි වෙහෙර විහාරස්ථාන, කෝවිල් මෙන්ම තෝරාගත් ස්ථානවලදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් මේ වන විටත් සංවිධාන කර ඇති බවයි ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා පැවසුවේ.


ඒ අනුව නානු සකස් කිරීමට අදාළ මංජුසාවක් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් එම ස්ථාන වෙත ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.