2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා හි ෆෙයාර් ග්‍රවුන්ඩ්ස් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එය නිල වශයෙන් පිළිගැනීමත් සමගයි.
2028 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ අමෙරිකාවේ සත්කාරකත්වයෙන් ලොස් ඇන්ජලීස්හිදීයි.
ඒ, ජූලි 14 වනදා සිට 30 වනදා දක්වයි.
ඊට තරඟ ඉසව්වක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීමට නියමිතයි.
1900 වසරෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් සඳහා එක් වන පළමු අවස්ථාවද මෙය වනවා.
අවසන් වරට ඔලිම්පික් උළෙලක දී ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ඇති 1900 වසරේදී එහි රන් පදක්කම මහා බි්‍රතාන්‍ය විසින් දිනාගෙන ඇති අතර, රිදී පදක්කම හිමිව ඇත්තේ ප්‍රංශයටයි.
ඒ අනුව 2028 වසරේ ඔලිම්පික් උළෙළේදී කාන්තා හා පිරිමි කණ්ඩායම් 6 බැගින් ඔලිම්පික් තරඟ බිමේදී ක්‍රීඩා කිරීමටයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අවස්ථාව සලසා දී ඇත්තේ.
සෑම කණ්ඩායමකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු බැගින් 90 දෙනෙකු සඳහා කෝටා වෙන්කර ඇති ක්‍රීඩා මාධ්‍ය අද වාර්තා කළා.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්වන්නේ විස්සයි විස්ස තරඟ ආකෘතිය යටතේයි.