සියලු ඉන්ධන පිරවුම්හල්වල, ඉන්ධන සමග ගෑස් ගබඩා කිරීම නතර කළ යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ ආනන්ද පාලිත මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඉන්ධන පිරවුම්හල්වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් බලධාරීන් මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
ඉන්ධන පිරවුම්හල්වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉකුත් සතියේ කතාබහක් මතුවුණේ කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ ගෑස් පිපිරීමක් සමගයි.