ලබන 18 වනදා ආරම්භ වන සිරි දළදා ප්‍රදර්ශනය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව මල්වතු මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් පවසනවා.
උන්වහන්සේ සඳහන් කළේ ලොව පුරා වෙසෙන සියලු බෞද්ධ ජනතාව වෙනුවෙන් මෙම දළදා ප්‍රදර්ශනය විවෘත බවයි.
සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන සියලු ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සම්පාදනය කර අවසන් බවයි උන්වහන්සේ සඳහන් කළේ.
මේ අතර සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇත්තේ.