Monday, April 21, 2025

General line - 0115112241

ලබන ඉරිදා ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්



පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද ගෙයින් ගෙට බෙදීම ආරම්භ කරන බව තැපැල්පති රුවන් සත් කුමාර මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ ඊයේ දිනය වන විට සියලු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ බවයි. 

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කරන ලබන 29 වනදායින් පසුවද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට ඒවා ලබා දීමට නව වැඩපිළිවෙළක් සකසා ඇති බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ. 

මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය මැයි 06 වනදා පැවැත්වීමට නියමිතයි.