Saturday, April 19, 2025

General line - 0115112241

පුරාවස්තු කැණීම් කළ පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් භාරයට



පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ඉහළ පුලියන්කුලම රක්‍ෂිත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ලද තොරතුරක් අනුව මරදන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් 40ත් 52ත් අතර වයස්වල පසුවන මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන්. 

මෙම වැටලීමේදී පුරාවස්තු කැණීම් සඳහා යොදා ගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.