Saturday, April 19, 2025

General line - 0115112241

චීනයට ඔත්තු සැපයූ නිලධාරියෙකු තායිවානයෙන් නෙරපයි



තායිවානයේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය එරට වත්මන් ජාතික ආරක්ෂක ප්‍රධානී සහ හිටපු විදේශ අමාත්‍ය ජෝසප් වුගේ හිටපු සහකාර Ho Jen-chieh එරටින් නෙරපා හැර තිබේ.

ඒ, චීන ඔත්තු බැලීමේ සිද්ධියකට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මතයි.

පාලක පක්ෂයේ Yilan ප්‍රාන්ත මූලස්ථානයේ පැවති හදිසි රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන ඇති අතර එහිදී Ho Jen-chieh ට එරෙහිව ඇති බරපතල චෝදනා පිළිබඳව නිලධාරීන් සාකච්ඡා කළහ. 

ජෝසෆ් වූ 2018 සිට 2024 දක්වා තායිවානයේ විදේශ ඇමති ලෙස කටයුතු කළ සමයේ හෝ ඔහුගේ සහයකයා ලෙස කටයුතු කර තිබේ.

පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ Yilan කාර්යාලයේ ප්‍රධානියා වන Chiu Chia-chin, නෙරපා හැරීමේ තීරණය ඒකමතික බව ප්‍රකාශ කරමින්, Ho ගේ ක්‍රියාවන් පක්ෂයේ කීර්ති නාමය විනාශ කරන බවත්, එම පක්ෂයේ හි මූලික වටිනාකම් වන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යයට එරෙහිව ක්‍රියා කරන" බවත් අවධාරණය කළේය.

මීට පෙර තායිවානයේ විරුද්ධ පක්ෂ පාලක පක්ෂය මත පීඩනය තීව්‍ර කළ අතර, ඔත්තු බැලීම සම්බන්ධ වැඩෙන ජාතික ආරක්ෂක අවදානම මධ්‍යයේ චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ හවුල් යැයි කියනු ලබන එහි සාමාජිකයෙකු හඳුනා ගන්නා ලෙස නඩු පවරන්නන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔත්තු බැලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් Ho Je-chieh සෙනසුරාදා රඳවාගෙන සිටිය අතර ‍රටින් පහ කර ඇත්තේ ඉන් අනතුරුවයි.