Saturday, April 19, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

උදය කුමාර



ඉකුත්දා ශ්‍රී ලංකාවට ආසන්න ගැඹුරු මුහුදේ දී බහු දින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 78ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 43ක් ප්‍රවාහනය කරමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හය දෙනෙකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

ඒ, එම සැකකරුවන් පිරිස අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේදීයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීම යටතේ එම සැකකරුවන් විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර තිබෙන බවයි. 

විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ඔවුන්ට ලබා දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවත් පොලිසිය පැවසුවා.