Saturday, April 19, 2025

General line - 0115112241

අතුරුගිරිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ටී 56 උණ්ඩ 50ක් හා තියුණු ආයුධයක් පොලිස් භාරයට



අතුරුගිරිය පොලීසිය මගින් සිදු කළ වැටලීමකදී ටී 56 අවි සඳහා යොදන පතොරම් 50ක් හා තියුණු ආයුධයක් සොයාගෙන තිබෙනවා. 

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙන සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත එම වැටලීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 100ක් සමග ඉකුත් 12 වනදා අත්අඩංගුවට ගෙන ඇති එම සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු බවද පොලීසිය පැවසුවා.