Saturday, April 19, 2025

General line - 0115112241

ගම්මන්පිල පිල්ලෙයාන් හමුවීම ගැන හිරුණිකාටත් සැකයක්

නිරෝෂන්



හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළ වුණා. 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ පිල්ලෙයාන් හමුවීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යාම සැකසහිත කරුණක් බවයි. 

මේ අුතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි. 

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පළ කළේ මෙවන් අදහසක්.