කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සහ ඔහුගේ දියණිය සම්බන්ධයෙන් සංසරණය වන සාවද්‍ය සහ ද්වේශසහගත පුවතක් සම්බන්ධයෙන්.
අදාළ පුවත මහින්ද ජයසිංහ මහතාගේ සහ ඔහුගේ දියණියගේ ඡායාරූප සහිතව පළ කර ඇති අතර එහි දක්වා ඇත්තේ කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී සිය දියණියගේ උපන්දින සාදයක් පවත්වා ඇති බවටයි.
අදාළ උපන්දින උත්සවය සිය වැඩිමල් දියණිය විසින් 2023 වසරේ අප්‍රේල් මස 16 වනදින ගිරිඋල්ල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ උත්සවයක් බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් වන ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන බවත් අදාළ පැමිණිල්ලේ දක්වා තිබෙනවා.
එම ද්වේශසහගත සහ සාවද්‍ය පුවත සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදු කර ඊට සම්බන්ධ පාර්ශවවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සිය පැමිණිල්ල මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා.