අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පිල්ලෙයාන්ගේ ප්‍රකාශ මගින් පාස්කු ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු තහවුරු වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
මේ අතර පළාත් පාලන ආයතනවලට වෙන් කරනු ලබන මුදල් පිළිබඳව ජනාධිපතිවරයා ඉකුත් දා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වංචනික හෝ දූෂිතයින් නොවන පුද්ගලයින් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු කියා සිටියා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.