පළාත් පාලන මැතිවරණයට සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල සහ ජනතාවගේ උනන්දුවේ අඩුවක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ දේශපාලන පක්ෂ කිහිපයක් පමණක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු යම් මට්ටමකින් සිදු කරමින් පවතින බවයි.
පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කමද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා මෙහිදී පෙන්වා දුන්නා.