Sunday, April 20, 2025

General line - 0115112241

සිරි දළදා වන්දනා මංගල්‍යය දෙවන දිනටත් ඇරඹේ

කමල් සුරවීර



මෙරට බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ සේ සැළකෙන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ වෙසෙන අති උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව හිමි කරදෙන සිරි දළදා වන්දනාව දෙවන දිනටත් මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා. 

අද සිට ලබන 27 වනදා දක්වා මධ්‍යහ්න 12 සිට පස්වරු 05යි 30 දක්වා කාලය තුළ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.

වසර 16කට පසු හිමිවූ එම දුර්ලභ අවස්ථාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගැනිමට දහස් සංඛ්‍යාත පිරිසක් මේ වනවිටත් දිගු පෝළිම්වල රැඳී සිටිනවා. 

මේ පිළිබඳ තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කර ගත්තා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත් සැදැහැවතුන් සිය සතුට පළ කළේ මෙලෙසයි.