Sunday, April 20, 2025

General line - 0115112241

බ්‍රහ්ම මෙහෙයුම නිමවා ඉන්දීය හමුදාව ආපසු එයි



බ්‍රහ්ම මෙහෙයුම යටතේ මියන්මාරයේ මැන්ඩලේ හි යොදවා සිටි ඉන්දීය හමුදාවේ ක්ෂේත්‍ර රෝහලේ කණ්ඩායම ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ආපසු ඉන්දියාවට පැමිණ තිබේ.

ඉන්දියානු හමුදාවේ ක්ෂේත්‍ර රෝහල් කණ්ඩායම මියන්මාරයේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට වෛද්‍ය ආධාර සැපයීම සඳහා ඉන්දියාවේ මානුෂීය ආධාර සහ ආපදා සහන ප්‍රයත්නයේ කොටසක් ලෙස මැන්ඩලේ වෙත අනුයුක්ත කර තිබිණි.

50 වන පැරෂුට් බලසේනාවේ අණදෙන නිලධාරී බ්‍රිගේ නවීන් කුමාර් මෙහෙයුම පිළිබඳ තොරතුරු ඉන්දීහ මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.  

ඔහු පවසා ඇත්තේ ''මියන්මාරයට බලපෑ 7.7 පරිමාණයේ භූමිකම්පාවෙන් පසුව ඉන්දියානු හමුදාව විසින් මෙම ක්ෂණික මෙහෙයුම දියත් කරන ලදී. මෙහි කේන්ද්‍රස්ථානය වූයේ මැන්ඩලේ නම් නගරයයි. පසුව මියන්මාර බලධාරීන්ගේ ඉල්ලීම මත අපි කේන්ද්‍රස්ථානය වූ මැන්ඩලේ නගරයට ගියා.” යනුවෙනි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, “පළමුව අපි 118 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ගියෙමු, නමුත් පසුව, විනාශය සහ ජීවිත නැතිවී යන ආකාරය සහ තත්වය උත්සන්න වීමත් සමඟ තවත් විශේෂඥ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන් ගෙන්වා ගත් අතර අවසානයේ, සියලු වර්ගවල ප්‍රතිකාර සඳහා සාමාජිකයින් 123 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් කණ්ඩායමක් එම රට තුළ සිටියහ. 

රසායනාගාර ක්‍රියාකාරකම්, සියලු වර්ගවල x-ray පහසුකම් සහ ජීවිතාරක්ෂක සැත්කම් කිරීමට හැකිවන පරිදි අනෙකුත් සියල්ල සමගින් අවශ්‍ය කඩිනම් සහන සේවා ලබා දුන්නෙමු'' යනුවෙනි.