Monday, May 12, 2025

General line - 0115112241

දහස් සංඛ්‍යාත පිරිසක් පින් සිතින් අදත් දළදා සමිඳුන් වැඳපුදා ගනී

කමල් සුරවීර



මෙරට බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ සේ සැළකෙන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ වෙසෙන අති උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව හිමි කරදෙන සිරි දළදා වන්දනාවේ දෙවන දිනය වූ අද දිනයේත් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තා. 

මධ්‍යහ්න 12 සිට පස්වරු 05යි 30 දක්වා කාලය ඒ සඳහා වෙන් කර තිබුණා. 

ඒ, පිළිබඳ තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කර ගත්තා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

හෙට දිනයේද මධ්‍යහ්න 12 සිට පස්වරු 05යි 30 දක්වා කාලය තුළ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිකර දී තිබෙනවා. 

දළදා සමිඳුන් වැඳපුදා ගත් සැදැහැවතුන් සහ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පෝළිම්වල රැඳී සිටින සැදැහැවතුන් සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසයි.