මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම පිළිබඳව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාරී තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේගේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවයි.
එසේ තිබියදී සංසරණය වන එම ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදි ලබා ගන්නා ලද ඡායාරූපයක් ද යන්න හා එය කවුරුන් විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් ද යන්න නැතහොත් සංස්කරණය කරන ලද්දක් ද යන බව අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.