Monday, April 21, 2025

General line - 0115112241

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදට වසර හයයි



පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසර හයක් සපිරෙනවා. 

එම ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කිරීමේ සැමරුම් කිහිපයක් අද දිනයේ සිදු කෙරෙන බවයි ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ. 

එම ප්‍රධාන සැමරුම් දෙක අද උදෑසන 08.30ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී සහ කටුවාපිටිය සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.


එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල් 10ක් සඳහා රජය මැදිහත් වී නිවාස ප්‍රදානය කිරීමක් ද අද පස්වරුවේ සිදුකරන බවයි ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ.