Monday, May 12, 2025

General line - 0115112241

පුංචි ආණ්ඩුවල බලය අල්ලන්න රනිල්ගෙන් සැලැස්මක්



පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට මාලිමාවට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

පළාත් පාලන ආයතනවලට තේරී පත්වන ජනතාවගේ බහුතරය එක්කර ගනිමින් එම ආයතනවල බලය අත්පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සූදානමින් සිටින බවයි ඔහු කියා සිටියේ. 

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ද මෙහිදී අදහස් පළ කළා.