රුසියාව විසින් ප්‍රකාශයට පත් කරන ලද පැය 30ක පාස්කු සටන් විරාමය අවසන් වීමෙන් පසු රුසියානු ආරක්ෂක අංශ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව යුක්‍රේනය පවසනවා.
කියෙව් අගනුවර ඇතුළු යුක්‍රේනයේ නගර කිහිපයක පදිංචිකරුවන්ට ඩ්‍රෝන ප්‍රහාරවල තර්ජන හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසටයි යුක්‍රේන බලධාරින් උපදෙස් ලබාදී ඇත්තේ.
කෙසේවෙතත් එම ප්‍රහාර සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අංශ මෙතෙක් අදහස් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය මොස්කව් වේලාවෙන් ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් නිමාවට පත් වුණා.
මේ අතර පැය 30ක සටන් විරාමය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ ද සටන් විරාමය උල්ලංඝනය වූ බවට රුසියාව සහ යුක්‍රේනය එකිනෙකාට චෝදනා එල්ල කරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.