Monday, April 21, 2025

General line - 0115112241

අති උතුම් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි



අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇති බව වතිකානය මීට නොබෝ වේලාවකට පෙර නිවේදනය කළා. 

88 හැවිරිදි වියේ පසු වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහනසේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන් වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වී ඇති බවයි වතිකාන ප්‍රවෘත්ති සේවය නිවේදනය කළේ. 

16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු 2013 වසරේ මාර්තු මාසයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එම තනතුරට පත් වුණා. 

පෙහළු ආශ්‍රිත නිව්මෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ උන් වහන්සේ රෝහලෙන් පිටව ගියේ මීට සති කිහිපයකට පෙරයි. 

උන් වහන්සේ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ ඊයේ දිනයේ පැවති පාස්කු දේව මෙහෙයට ද සහභාගී වී තිබුණා.


1936 දෙසැම්බර් 17, ආජන්ටිනාවේ උපත ලැබු අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මුල් නම, ජෝජ්, මරියෝ, බේර්ගෝග්ලියෝය 

ඔහු 1969දී ජේසු නිකායික පියතුමෙක් වන අතර 2013 මාර්තු 13. ෆ්‍රෑන්සිස් පාප් වහන්සේ ලෙස පත්වෙනවා, 

භාෂා 7 මනා ලෙස හැසිරවියහැකි උන්වහන්සේ, අසනීප තත්වය සහ වයස ගැන නොසිතා, හැකි හැමවිට ලෝකවාසී කිතුණුවන් බැහැදකීමට උනන්දු වුණා.

විශේෂ මන්දිරයක්‌ පාවිච්චි නොකර, කුඩා නිවසක පදිංචි වී, සාමාන්‍ය දිවියක් ගත කල අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමන් වෙත ලැබුණු බොහෝ වටිනා දේ විකුණා දිළිඳු අය සඳහා ඒ මුදල් යෙදෙව්වා.