Thursday, April 24, 2025

General line - 0115112241

'සිරි දළදා වන්දනාව' විශේෂ දුම්රිය අත්හිටුවයි



කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා 'සිරි දළදා වන්දනාව' වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය  අද සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කර සිටියේ.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණ පෝලිම්වල සිටින බැතිමතුන් හඳුනා ගැනීමට විශේෂ ස්ටිකර් එකක් ලබාදීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

පොලිසියේ ඇස්තමේන්තුව අනුව මේ වන විටත් මහනුවර නගරයේ මෙම සැදහැවතුන් දළදා වන්දනාවට සූදානමින් සිටින බව හඳුනාගෙන තිබෙනවා.

මේ නිසා අද  (24) සහ හෙට  (25) දිනයන්හි දළදා වන්දනාවට නොපැමිණෙන්නැයි පොලිසිය බැතිමතුන්ගෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා.                                          

පවතින තදබදය අවසන් වුවහොත් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන බවයි පොලිසිය පවසන්නේ.