Thursday, April 24, 2025

General line - 0115112241

සිරි දළදා වන්දනාවට ලක්ෂ 04ක් පෝළිමේ



සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වන විටත් ලක්ෂ 04කට අධික පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටින බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ මේ වන විට පැමිණ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ස්ටිකරයක් ලබාදීමට කටයුතු කර ඇති බවයි. 


මහනුවර මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසුවේ පැමිණ සිටින ඇතැම් පිරිස් අතර සාමය කඩවීමේ තත්ත්වයන්ද වාර්තා වන බවයි. 

තත්ත්වය පාලනයට අතිරේක හමුදා බට පිරිස් කැඳවූ බවයි ඔහු පැවසුවේ. 


මේ අතර ‘සිරි දළදා වන්දනාව‘ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නෙත් නිවුස් වෙත පැවසුවා. 


සිරි දළදා වන්දනාවේ 07 වන දිනය අදයි.