බැංකු තැන්පතු මුදල් මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී ටින් අංකය අනිවාර්ය කිරීම තාවකාලිකව ක්‍රියාත්මක නොකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් කේ.එස් ශාන්ත මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අදාළ බැංකු දැනුවත් කර ඇති බවයි.
පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා අඩු වන්නේ නම් එම පුද්ගලයාගෙන් මෙම රැඳවුම් බද්ද අය නොකෙරෙන අතර එම සහනය ලබාගැනීමට නම් බැංකු හා මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු වනවා.
මුදල් තැන්පතු සඳහා ලැබෙන පොලිය මත මෙතෙක් අයකළ සියයට 5ක රැඳවුම් බද්ද සියයට 10 දක්වා ඉහළ නැංවීමට මෙවර අය වැයෙන් යෝජනා කෙරුණා.