Thursday, April 24, 2025

General line - 0115112241

ඉන්දු පකිස්තාන දේශ සීමාව වසා දැමෙයි



ඉන්දු - පකිස්ථාන සබඳතා ඉලක්ක කරගනිමින් ඉන්දියාව තීරණාත්මක තීන්දු කිහිපයක් ගෙන තිබෙනවා. 

ඒ, ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය යාමෙන් දිනකට පසුවයි.

ඒ අනුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ප්‍රධාන දේශසීමා මාර්ගය වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. 

ජල බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිටුවහල් කිරීම්ද ඊට ඇතුළත්. 

ඉන්දියාව තුළ සිටින පකිස්ථාන ජාතිකයින් සතු වීසා අවලංගු කර තිබෙනවා. 

ඔවුන්ට දින දෙකක් ඇතුළත පිටව යන ලෙසටයි නියෝග කර ඇත්තේ. 
 

පකිස්ථානය විසින් “දේශසීමා ත්‍රස්තවාදයට සහාය දීම” අත්හැරිය යුතු බවට ඉන්දියාව ප්‍රකාශ කර ඇතත් එල්ල වන චෝදනා පකිස්ථානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.