Tuesday, May 20, 2025

General line - 0115112241

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි නඩුවක් කල් යයි



 

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී  කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අදාල නඩුව  ජූනි මස 30 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකාර මර්වින් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. 

ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් අධිකරණයට කරුණු අනාවරණය කෙරුණා. 

ඒ අනුව නඩුව ජුනි මස 30 දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.

එදින මර්වින් සිල්වා බන්ධනාගාර ගතව සිටියේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් නියම කළා.


උදය කුමාර