සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ, පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැනවදින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටයක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිතුමාගේ නියෝග මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් භාර පොලිස් අධිකාරිවරයා විසින් මේ වන විට ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි පොලීසිය පැවසුවේ.
අදාළ විමර්ශනයේදී අනාවරණය වන කරුණු අනුව එම පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර සමාජමාධ්‍ය තුළ සංසරණය වූ එම වීඩියෝපටය සම්බන්ධයෙන් යුද හමුදාව මගින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.