සිරි දළදා වන්දනාව සහ ඒ ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේද මහනුවර නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එහිදී සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැපයීම, සනීපාරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන් සමග හදිසි සාකච්ඡාවක් කැඳවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.