සිරි දළදා වන්දනාව සැලසුම් කළ ආකාරයට එළඹෙන 27 වනදායින් අවසන් කරන බව ශ්‍රී දළදා මාළිඟාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.
දළදා වන්දනාව කිසිදු අයුරකින් දීර්ඝ නොකරන බවද මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.
මහනුවර නගරයට ජනතාව විශාල වශයෙන් එක්වීම හේතුවෙන් ජනාකීර්ණ තත්ත්වයට පත්වී ඇති බවයි දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩිදුරටත් පැවසුවේ.