Tuesday, May 20, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවට අද ජාතික ශෝක දිනයක්



ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දිනයේ සිදු කෙරෙනවා. 

ඒ, රෝමයේ ශාන්ත පීතර චතුරස්‍රයේදීයි. 

මේ අතර අද දිනය ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දිනයක් ලෙස ලක් රජය විසින් ප්‍රකාශයට පත් කළා. 

ඒ අනුව අද රජයේ සියලුම කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. 

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කරමින් එම දැනුම්දීම සිදු කළ බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.