එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.
අවසන් මහා තරඟය අබුඩාබිහිදී පැවැත්වූ අතර එහිදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 05ක පහසු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 03ක් තුළදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 200ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු 04ක් බිඳහෙළු අතර මිලාන් රත්නායක කඩුලු 03ක් බිඳහෙළුවා.
ලකුණු 201ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 03ක් තුළදී කඩුලු 05ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක සහ මිලාන් රත්නායක ලකුණු 77 බැගින් රැස් කළා.
අයර්ලන්තය, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතරයි මෙම තුන්කොන් තරඟාවලිය පැවැත්වුණේ.