ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් මේවන විට රෝමයට පැමිණ තිබෙනවා.
ඒ අනුව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි, අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියාද මේ වන විටත් පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවය සඳහා පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
බ්‍රිතාන්‍ය විලියම් කුමරු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ස්පාඤ්ඤයේ හයවන ෆෙලිපේ රජු සහ බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් රැසක් අවමංගල්‍ය උත්සවය සඳහා පැමිණීමට නියමිත බව තහවුරු කර තිබෙනවා.
මිය යන විට අසූ අට හැවිරිදි වියේ පසු වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මේ වන විට ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර තිබෙනවා.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය දේව මෙහෙය මෙරට වේලාවෙන් පස්වරු 01යි 30ට ආරම්භ වීමට නියමිතයි.
මේ වන විටත් උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් රැස්ව තිබෙනවා. ඒ හේතුවෙන් වතිකානය අවට වීදි බොහොමයක් තාවකාලිකව වසා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එසේම පොලිස් නිලධාරීන්, ගිනි නිවන භටයින්, වෛද්‍යවරුන් සහ ස්වේච්ඡා සේවකයින් රැසක්ද එරට රජය මගින් යොදවා තිබෙනවා.