සිරි දළදා වන්දනාවේ 09 වන දිනය අද පස්වරුවේ අවසන් වුණා.
වැසි මධ්‍යයේ ද සැදැහැවතුන් පෝලිම්වල තවදුරටත් රැඳී සිටිනවා.
සැදැහැවතුන් අද දිනයේ ද පෝලිම්වලට එක් වුණා.
කෙසේවෙතත් සිරි දළදා වන්දනාවේ අවසන් දිනය වූ හෙට දිනයේ කිසිදු පුද්ගලයෙකුට පෝලිම්වලට එක්වීමට ඉඩ නොදෙන බව පොලීසිය පැවසුවා.
සිරි දළදා වන්දනාවේ තවත් තොරතුරු මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.
මේ අතර “සිරි දළදා වන්දනාව” හේතුවෙන් නිවාඩු ලබාදුන් මහනුවර නගරයේ සහ ඒ අවට පාසල් 24ක් ලබන සඳුදා සිට යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබයකෝන් මහතා පවසනවා.
සැදැහැවතුන්ට පහසුකම් ලබාදීමට හා ආරක්ෂක අංශ සඳහා නවාතැන් පහසුකම් ලබාදුන් පාසල් 37 ලබන අඟහරුවාදා යළි ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.