Monday, May 19, 2025

General line - 0115112241

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අදත්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේ ද නිවෙස් වෙත බෙදාහරින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව මෙතෙක් සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලද ඡන්ද දායකයින් අද දිනයේ සිය නිවසේ රැඳී සිට තැපැල්කරුගෙන් එය ලබාගන්නා ලෙසයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඉල්ලා සිටියේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සහ අනිද්දා යන දෙදින ද සිදු කෙරෙනවා. 

එම මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ මැයි මස 06 වනදායි.