Monday, April 28, 2025

General line - 0115112241

කාන්තා තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා - ඉන්දියා පළමු තරගයට වර්ෂාවෙන් බාධා



ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා. 

ඒ, සත්කාර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි. 

වර්ෂාව හේතුවෙන් අද උදෑසන තරගය ආරම්භ කිරීමට බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් මෙම තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 39කට සීමා කිරීමට තීරණය කෙරුණා.

ඒ අනුව තරගය මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වූ අතර කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව   ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙත ලබාදුන්නා. 

පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දු වාර දෙකක් අවසානයේ කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 04ක්.