උතුරු පළාතේ වගා කළ හැකි සෑම බිම් අගලක්ම එම පළාතේ ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
වව්නියාව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරින් පිරිස වැඩි කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.