මෙරට ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ සැදැහැවතුන්ගේ නෙත් සිත් පුබුදු කරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දින 10ක් පුරා පැවැති “සිරි දළදා වන්දනාව” අද පස්වරුවේ නිමාවට පත් වුණා.
වසර 16කට පසුව පැවැත් වුණු “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ වුණේ පසුගිය 18 වනදායි.
එදින සිට අද දිනය දක්වා දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කරගනු ලැබුවා.
සිරි දළදා වන්දනාවේ අවසන් දිනය වූ අද, එම කටයුතු පස්වරු 05.30ට පමණ නිමාවට පත් කෙරුණු බවයි මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ.
මේ අතර දින ගණනාවක් පුරා අව් වැසි නොතකමින් මහනුවර නගරය පිරිසිදු කළ සහ දළදා වන්දනාවට පැමිණි සැහැදැවතුන් හට පහසුකම් සැලසූ මහනුවර මහනගර සභාවේ සේවකයින්ට දළදා සමිදුන් වැදපුදා ගැනීමට අද විශේෂ අවස්ථාවක් හිමිකර දී තිබුණා.
දළදා සමිදුන් වැඳපුදා ගත් එම පිරිස සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසයි.