පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා මෙතෙක් අවස්ථාව නොලැබුණු ඡන්ද දායකයින්ට, අද සහ හෙට සිය රාජකාරි ස්ථානයේදී ඒ සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ මෙම දින දෙකෙන් පසු තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා නැවත දින දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙටින් අවසන් වන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.