Monday, May 19, 2025

General line - 0115112241

රනිල් අල්ලස් කොමිසමට

එන් ඒ ඩබ් නිරෝෂන්



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියා. 

ඒ, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ සමයේ සිදු වූ බව කියන දූෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. 

රනිල් වික්‍රමසිංහ මහතා සිය නීතීඥවරුන් සමග උදෑසන 09.15ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.