Tuesday, April 29, 2025

General line - 0115112241

යුක්‍රේන යුද්ධයට සිය හමුදා යොමුකල බව උතුරු කොරියාව කියයි



යුක්‍රේනයට එරෙහිව රුසියාව වෙනුවෙන් සටන් කිරීමට සිය හමුදා යැවූ බව උතුරු කොරියාව පළමුවරට තහවුරු කර තිබෙනවා. 

උතුරු කොරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන කේ.සී.එන්.ඒ වාර්තාවක් මගින් අනාවරණ කරගෙන ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නියෝගයකට අනුව උතුරු කොරියානු හමුදා රුසියානු හමුදාවන්ට සහාය දැක්වීම සඳහා කර්ස්ක් දේශසීමා කලාපය වෙත යොමුකල බවයි. 

භට පිරිස් යෙදවීම රුසියාව සහ උතුරු කොරියාව අතර අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට අනුකූලව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කර ඇත්තේ. 

යුක්‍රේන යුද්ධයට සිය හමුදා යෙදවූ බව උතුරු කොරියාව විසින් පළමුවරට පිළිගෙන ඇත්තේ රුසියානු මාණ්ඩලික ප්‍රධානී වැලරි ජෙරසිමොව් උතුරු කොරියානු හමුදාවල වීරත්වය සහ එම හමුදාවන්ට ප්‍රසංශා කර අදහස් දැක්වීමෙන් දින කිහිපයකට පසුවයි.

මේ අතර බටහිර බලධාරින් මීට පෙර පවසා තිබුණේ උතුරු කොරියානු භටයන් 11,000ක් පමණ යුක්‍රේන යුද්ධය සඳහා යොදවා ඇති අතර අවම වශයෙන් ඒ අතරින් 1,000ක් පමණ මාස තුනක් තුළ මියගොස් ඇතැයි විශ්වාස කෙරෙන බවයි.