Monday, April 28, 2025

General line - 0115112241

රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි



ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. 

උදෑසන 09.15ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා දහවල් 12.30ට පමණ ඉන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

රනිල් වික්‍රමසිංහ මහතා අද අල්ලස් කොමිසම වෙත පැමිණයේ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයකට අදාළව, ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමක් අනුවයි.