Tuesday, April 29, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය සන්තකව සිටි 331 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට



මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මෙම මස 13 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන මෙහෙයුමට අදාළව මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 331 දෙනෙකු ඊයේ දිනයේදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, දිවයින පුරා සිදුකල වැටලීම් 331කදීයි. 

හෙරොයින් ග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක්, අයිස් ග්‍රෑම් 157කට අධික ප්‍රමාණයක් සහ ගංජා කිලෝ 8කට අධික ප්‍රමාණයක් එම වැටලීම්වලදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 410ක් ද ඊයේ සිදු කෙරුණු වැටලීම්වලදී පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.