පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලුම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අද වන විට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් වෙත මුදාහැර අවසන් කළ බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්මෙන් ඔහු කියා සිටියේ සමස්තයක් ලෙස ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස් දෙලක්ෂ හයදාස් පන්සිය තිස් තුනක් මුද්‍රණය කළ බවයි.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට වඩා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අභියෝගාත්මක බවද රජයේ මුද්‍රණාලයාධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම තුන්වන දිනටත් අද සිදු කෙරුණා.
මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ ඡන්ද දායකයින්ට, හෙට දිනයේ ද සිය රාජකාරි ස්ථානයේදී ඒ සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.