පානදුර, හිරණ, මාලමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පානදුර, පිංවල ප්‍රදේශයේ පදිංචි කසුන් හරිස්චන්ද්‍ර නැමති 35 හැවිරිදි පුද්ගලයෙක්.
සාදයක් පැවැත් වූ නිවසකදී වෙඩි තැබීම සිදුව ඇති බව හිරණ පොලිසිය පවසනවා.
මෙම වෙඩි තැබීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
වෙඩි තැබීමෙන් අනතුරුව යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා පලා ගොස් තිබෙනවා.
මත්ද්‍රව්‍ය ආරවුලක් මූලික කොටගෙන මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වෙඩි තැබූ පුද්ගලයින් සොයා හිරණ පොලිසිය සහ පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.