ලොව සුපිරි ක්‍රීඩකයින් උරෙන් උර ගැටෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී, තවමත් 14 හැවිරිදි වියේ පසුවන ක්‍රීඩකයෙකු වාර්තාගත ශතකයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේ සමත් වුණා.
මෙම දස්කම දැක්වූයේ රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියෝජනය කරන වැබව් සූර්යවංශි විසින්.
ඔහු මෙම වාර්තාව බිහි කළේ පන්දු 35කින් ශතකයක් වාර්තා කරමින්.
IPL ක්‍රිකට් ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි ඔහු වාර්තා පොත් අතරට එක් වුණේ.
එමෙන්ම IPL ක්‍රිකට් ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් ශතකයක් වාර්තා වූ දෙවන අවස්ථාව ද මෙය වනවා.
සූර්යවංශි මෙම ශතකය සඳහා හයේ පහර 11ක් එල්ල කළ අතර එය IPL ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය ක්‍රීඩකයෙකු ඉනිමකදී වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ද වුණා.